ක්‍රීඩා

ICC එක්දින ශූරතාව ඔස්ට්‍රේලියාවට..

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ සමත් වුණා.

ඒ, කඩුළු 06 කින් ලෝක කුසලානයේ අපරාජිතව සිටි ඉන්දියාව පරාජයට පත් කරමින්.

සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වුණේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායමට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 50 අවසානයේ කඩුළු සියල්ල දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 240 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ඔස්ට්‍රේලියාව පන්දු වාර හතක් අතැතිව තිබියදී කඩුලු හතරකට ලකුණු 241 ලබා ගනිමින් හයවන වරටත් ICC ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page