විදේශීය

අගමැති මෝදිට ඊජිප්තුවට එනලෙස ආරාධනා කරයි..

සංචාරයක් සඳහා ඊජිප්තුවට පැමිණෙන ලෙස ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබෙනවා.
ඒ, ඊජිප්තු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදීයි.

අදට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනය නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයේ ආරාධිත රාජ්‍ය නායකයා ලෙස සහභාගි වන්නේ ඊජිප්තු ජනාධිපතිවරයායි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජයේ ආරාධනයකට අනුව ඔහු මෙම උත්සවය සඳහා සහභාගි වන බව සඳහන්.
ඉන්දීය ජනරජ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස ඊජිප්තුවේ රාජ්‍ය නායකයෙකු වු සහභාගි වන පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම සංචාරයට සමගාමීව දෙරටේ රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එම සබඳතා වර්ධනය කරගැනීම සහ වෙළෙඳ හා අයෝජන පුළුල් කරගැනිම සම්බන්ධයෙන්ද නායකයින් දෙපළ අතර සාකච්ඡා පැවති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page