ගොසිප්

දීපිකාගේ බිකිනියෙන් විරෝධතාවට ලක්වූ “පතාන්” ඉන්දියාව හොල්ලමින් ප්‍රදර්ශණය අරඹයි

බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන් වසර හතරකට පසු රිදී තිරයට සම්ප්‍රාප්ත වන, දීපිකා පදුකෝන් හා වසර නවයකට පසු පෙම් යුවලක් ලෙස එක්වන, සිද්ධාර්ත් ආනන්ද් ගේ “පතාන්” ඉන්දියාවේ තිරගත වීම ආරම්භ වුනා. ඒ ඊයේ දින. ඊට සමාන්තරව විදෙස් රටවල් කිහිපයකද පතාන් තිරගත වීමට නියමිතයි. නිෂ්පාදන සමාගම සැලසුම් කළ ආකාරයටම ඉන්දීය ජනරජ දිනයට පෙර දින (ජනවාරි 25) එහි ප්‍රදර්ශනය කටයුතු ආරම්භ කිරීමට සමත්වීම විශේෂත්වයක්. ඊට හේතුවන්නේ මෙම චිත්‍රපටය තිරගත වීමට මාස ගණනාවකට පෙර සිටම හින්දු අන්තවාදී කණ්ඩායම් වල විරෝධයට එය ලක්වි තිබීම හේතුවෙන්.
චිත්‍රපටයේ දර්ශන කිහිපයක ප්‍රධාන නිලිය දීපිකා පදුකෝන් බිකිනිය සහිතව පෙනී සිටීමත් ඇතැම් දර්ශන වල ඇය ඇද සිටින තැඹිලි පැහැ බිකිනිය මගින් ඉන්දීය ජාතික කොඩියට අපහාස වන බවත් මෙම අන්තවාදී කණ්ඩායම් චෝදනාකර තිබුනා.
“එය කුණුහරුප වලින් පිරිලා.” කාලිංග සේනා නම් ඔඩෙස්සාහි දේශපාලන පක්ෂයක නායකයා වන හේමන්ත රත්නා ඊයේ දින සිය ගණනක් වූ තම සාමාජිකයන් හා එක්ව චිත්‍රපටයේ පෝස්ටර් ඉරා දමමින් ප්‍රකාශකර තිබින.
“එය සමාජයට නරක බලපෑමක් ඇති කරයි” විරෝධතාකරුවෝ ප්‍රකාශකර තිබූහ.
කෙසේ වුවද එම චෝදනා හා විරෝධතා නොතකා යාෂ් රාජ් චිත්‍රපට සමාගම ඊයේ දින සාර්ථකව තම චිත්‍රපටය සිනමා ශාලා වෙත මුදා හැරියා.
ප්‍රවේශපත් පන්ලක්ෂ පනස් හය දහසක (556000) අලෙවියක් වාර්තා කිරීමට පතාන් සිය පළමු පදර්ශන දිනදී සමත් වුනා. එය දෙවනි වන්නේ බහු බාලී චිත්‍රපටය පළමු ප්‍රදර්ශනයේදී අලෙවි කල ප්‍රවේශපත් හයලක්ෂ පනස් දහසට (650000) පමණයි.
“පතාන් තුළ සියල්ල පවතී, තරු ගුණය, ගීත, විලාසිතා, විචිත්‍රත්වය මෙන්ම විශ්මය. දැවැන්ත පිළිගැනීමක් සමග ශාරුක් යළි පැමිණ සිටී” ට්විටර් සටහනක් තබමින් චිත්‍රපට කණ්ඩායමේ අයෙක් එලෙස සටහන් කර තිබුනි.
මෙම චිත්‍රපටයේ අඩංගු ගීත දෙකම මේ වනවිට ලොව පුරා ජනප්‍රසාදයට පත්ව ඇති අතර “බෙශරම් රංග්” ගීතය යූටියුබ් බැලුම් වාර මිලියන 205 ඉක්මවා ඇත.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page