උණුසුම් පුවත්

වෙළෙඳපොල තරගය පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනගනවා.. ජනපති..

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරඟකාරී අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ.
වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවාද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් ජාත්‍යන්තර රොටරි සමාජයේ  වාර්ෂික සමුළුවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.
මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත්, එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියාසිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page