උණුසුම් පුවත්

මෙරට බැංකු ගිණුම් වලින් 60% ක ශේෂය පන්දාහට අඩුලු..

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට  වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් බවයි.
එම බැංකු ගිණුම්වලින් සියයට  60ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවටයි අනාවරණය වී ඇත්තේ.
ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර තිබෙනවා.
එහෙත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවයි  අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර  බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවද  අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page