උණුසුම් පුවත්

පොදු සමා කාලය තුළ යුධ හමුදාවේ 7156 ක් ඉවත් කරලා..

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 දෙනෙකු සේවයෙන් ඉවත්කර තිබෙනවා.
පොදු සමා කාලය තුල පළමු සතියේදී මෙලෙස අදාල පිරිස ඉවත් කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා කියා සිටියේ.
නිවාඩු නොමැතිව දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ද ඒ අතර වනවා.
පසුගිය 20 වැනිදා සිට ලබන මස 20 වැනිදා දක්වා මසක කාලයක් එම පිරිස් සදහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page