උණුසුම් පුවත්

දික්කසාද ඉහලයාමේ ප්‍රවනතාවක්..

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් වෙන්වන බවට අනාවරණ වී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් සිවිල් ලියාපදිංචි කිරීම් නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය කියා සිටියේ මේ වනවිට ඒ සදහා වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.
ආර්ථික හේතු සහ වෙනත් සමාජීය හේතුද ඊට මුල්වී ඇති බව සදහන්.
මේ අතර රටේ වාර්ෂික මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බව ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළා.
රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2000 වසර වනවිට එක්ලක්ෂ 40,000 ක මට්ටමක පැවති බව සදහන්.
මේ වනවිට එය එක්ලක්ෂ 80,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඇය කියා සිටියේ.
දරු උපත් සංඛ්‍යාවද අඩුවී ඇති බව ලක්ෂිකා ගනේපොල මහත්මිය පෙන්වා දුන්නා.
2020 වසර වනවිට රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව තුනලක්ෂ 25,000 ක් පමණ වනවා.
එම සංඛ්‍යාව මේ වනවිට දෙලක්ෂ 80,000 ක් දක්වා පහළ ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page