උණුසුම් පුවත්

ඇල්ල කරඳගොල්ල නායයාම තවමත් සක්‍රීයයි..

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම තවදුරටත් ් සක්‍රීය වෙමින් ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසනවා
විශාල බොරදිය ජලපහරක් ඒ ආසන්නයෙන් ගලායන බවයි ඒ මහතා ප්‍රකාශ කලේ.
ඒ අනුව ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට දැඩි අවධානමක් මතුවෙමින් පවතිනවා.
මෙම නාය යාම 2019 වසරේ ආරම්භ වී ඇති බව සදහන්.
මේ වනවිටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉන් ඉවත් කර තිබෙනවා.
පවුල් 5ක් වෙනත් ස්ථානයක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ප්‍රදේශයකට යොමු කෙරෙනු ඇති.
ඔවුන්ට නිවාස ඉදිකර ගැනීම සදහා අවශ්‍ය මූලික කටයුතු සිදුකරදීමට ඉදිරි මාස කීපය තුල කටයුතු කිරිමට නියමිතයි.
උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම හේතුවෙන් කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවන බවටයි ජනතාව චෝදනා කර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේශනයක් සිදු කර නොමැති බවත් ඒ අනුව මතයක් ප්‍රකාශ කිරිම ට නොහැකි බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කලා

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page