උණුසුම් පුවත්

ශිෂ්‍යත්ව ලකුණු යළි පරික්ෂාවට අවස්ථාව..

2022 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් පෙබරවාරි 28 වැනිදා දක්වා ඊට අවස්ථාව ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කරයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ තිස් හතර දහස් අටසිය පහක් (34805) අයදුම් කර තිබූ බවත් විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ විසි නවදහස් හයසිය හැට අටක් (29ල668) වූ බවත් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් තේරී පත්වූ ශිෂ්‍යාධාර ලබාගත හැකි සිසුන් සංඛ්‍යාව 20000 කි.
මෙම සිසුන් අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන් කර තිබේ.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී විභාග අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාවල දිස්ත්‍රික්කකය හා මාධ්‍යය අනුව අදාළ කඩඉම් ලකුණු සමග සඳහන් කර තිබේ.

කෙසේවෙතත් මෙවර ප්‍රතිඵල නිකුත් කිරීමේ දී දිස්ත්‍රික්ක සහ දිවයිනට අදාළ ශ්‍රේණිගත කිරීම් නිකුත් නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page