දේශීය

අද සිට ඉන්දියානු බිත්තර රට පුරා..

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ අද පස්වරුවේ සිට එම බෙදාහැරීම් කටයුතු ආරම්භ කරන බවයි.

ඒවා බේකරි නිෂ්පාදකයින් අතරේ පමණක් බෙදා හැරීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඒ අනුව රුපියල් 35ක මුදලකට මෙම බිත්තර අලෙවි කිරීමට නියමිතයි.

එම බිත්තරයක් ශීතකරණයේ දින 90ක කාලයක් කල්තබා ගත හැකි බව සඳහන්.

මෙරට බිත්තර මිල අඛණ්ඩව ඉහළ යෑමට සහ හිඟයට පිළියමක් ලෙස වෙළෙඳ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 20 ක් පසුගිය 23 වැනිදා කොළඹ වරායට ළගා වුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page