උණුසුම් පුවත්

වර්ජනය කරන තෙල් සේවකයන් ගෙදර යවනවා.. ඇමති කන්චන කියයි..

වැඩ වර්ජනයේ නිරත සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට ඒ සම්බන්ධයෙන් තමන් උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා පවසා සිටියා.

ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන වෘත්තිය සමිති නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය පියර ගන්නා ලෙස ඇමතිවරයා දැනුම් දී ඇති බව සදහන්.

පෞද්ගලීකරණයට එරෙහිව පෙරේදා ආරම්භ කළ සත්‍යග්‍රහය අත්හිටුවා ඊයේ පස්වරුවේ සිට තමන් වැඩවර්ජනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page