විදේශීය

ඇමරිකාවේ නෂ්විල් මාරයා අත අවි 7 ක්.. ආපසු ගැනීමට නීති නැතැයි පොලිසිය කියයි..

අමෙරිකාවේ නෂ්විල් ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සිද්ධියේ සැකකරු ගිනි අවි හතක් නීත්‍යානුකූලව මිල දී ගෙන සිය නිවසේ සඟවා තබා ගෙන තිබූ බවට පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එය නොදැන සිටි බවයි පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වල දී දෙමාපියන් ප්‍රකාශ කර ඇත්තේ.

සැකකරු මානසික පීඩනයට වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් සිටි බව ද ඔවුන් කියා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

වෙඩික්කරු සතු ගිනි අවි පොලිස් භාරයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීති නොමැති බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.
දරුවන් තිදෙනෙකු ඇතුළු හය දෙනෙකු මෙම වෙඩි තැබීමෙන් මිය ගියා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page