අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
මේ අතර උතුර, උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල අවධානය යොමුකළ යුතු උණුසුමක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක ද ඒ අතර වන බවයි එම නිවේදනයෙන් දැනුම් දී ඇත්තේ.
ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් නිකුත්කර ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
Leave feedback about this