උණුසුම් පුවත්

අනවසර රියදුරු පාසැල් ගැන සොයා බැලේ..

අනුමැතියකින් තොරව පවත්වාගෙන යන රියදුරු පුහුණු පාසල් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

මෙරට ලියාපදිංචි රියදුරු පාසල් සංඛ්‍යාව එක්දහස් දෙසියයකට අධික සංඛ්‍යාවක් පවතින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ලක් එෆ්. එම්. නිව්ස් මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ ලබන වසරේ සිට නීත්‍යානුකූල නොවන රියදුරු පාසල් සඳහා නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page