දේශපාලන

අනුර රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලයි

අපි හිතනවා අපේ රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රකර ගත් පාලනය අපේ වගේ රටකට සුදුසු නැහැ. සුදුසු නොවන්නේ විධායක ජනාධිපති ක්‍රමය සුදුසු නැති නිසා නොවෙයි විධායක ජනාධිපති ධුරයේ තිබෙන පුටුව අපේ නායකයන්ට බර වැඩියි. එවැනි බලවත් පුටුවක වාඩිවෙන්න තරම් අපේ රටේ නායකයන් මනසින් දියුණු නැහැ. අපිට ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. ඒ නිසා අපි පදනම හදන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක වුවමනාව තිබෙනවා. අමාත්‍ය ධුර සීමා කරන, මන්ත්‍රීවරුන්ට එහෙට-මෙහෙට පනින්න තිබෙන ඉඩකඩ අහුරාලන, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරනල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට අවශ්‍යයි. මේ පවතින ආණ්ඩු ක්‍රමය දූෂිතභාවයට ලක්වෙලා තිබෙනවා”

ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙසේ පැවසූයේ අද දින කොළඹ ගලධාරී හෝටලයේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික සමුළුව අමතමිනි.

මෙම අර්බුදයෙන් ගොඩ ඒමටනම් අනිවාර්යයෙන් ජනවරමක් සහිත ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කර සිටියේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page