ගොසිප්

“නාටු නාටු“ ඔස්කාර් හොඳම ගීතය ලෙස නිර්දේශ වෙයි

තෙළිගු භාෂීය ජනප්‍රිය චිත්‍රපටයක් වන RRR හි “නාටු නාටු” නම් විනාඩි හතරක දිගින් යුතු ගීතය මෙවර (2023) ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම ගීත අතරට නිර්දේශ වී ඇත.
නාටු නාටු ගීතය ලොව පුරා සුවිශාල ජනප්‍රියත්වයක් අත්කරගෙන තිබෙන අතර සිනමා සම්මාන උළෙල වලද සුවිශේෂ අවධානයකට ලක්වූ ගීතයක් බවට පත්ව තිබේ. මේ වනවිට නාටු නාටු ග්ලෝබල් ග්ලෝබ් හා ක්‍රිටික් චොයිස් සම්මාන දෙක දිනාගෙන තිබේ.
නාටු නාටු සමග ලොව ජනප්‍රිය ගායිකා දෙපලක් වන ලේඩි ගගා හා රිහානාගේ ගීත දෙකක් හොඳම ගීතය ඉසව්ව සඳහා තරග වදී.
යටත්විජිත පාලනයට එරෙහිව සටන්වැදුන ඉන්දියානු වීරයන් දෙදෙනෙකු වඩා ගෙතුන ප්‍රබන්ධයක් වන RRR එස්.එච්.රාජමූලිගේ අධ්‍යක්ෂණයකි. RRR ඔස්කාර් සම්මාන උළෙලේ ඛාණ්ඩ 14 ක් යටතේ තරග වැදී සිටී.
චිත්‍රපට ගීතයක් වෙනුවෙන් ඉන්දියාව අවසන් වරට සම්මානයක් දිනාගත්තේ 2009 වසරේ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටය සඳහාය. එහිදී “ජයහෝ” ගීතය සඳහා ඒ.ආර්. රහුමාන් හොඳම ගීතය හා හොඳම සංගීතය යන සම්මාන දෙකම දිනාගන්නා ලදී.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page