උණුසුම් පුවත්

දුම්රිය ප්‍රතිව්‍යුහකරණය ලබන මස කැබිනට්ටුවට..

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා
එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බවයි.
අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම කටයුතු සිදු කරන බවද සදහන්
ලේකම්වරයා ප්‍රකාශ කළේ, ඔවුන් විසින් කමිටු යෝජනා සමාලෝචනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කරන බවයි.
ඊට කැබිනට් මණ්ඩලය ලබා දෙන තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදු කරන බව ද රංජිත් රූබසිංහ මහතා ප්‍රකාශ කළා
දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කර එහි පාඩුව අවම කිරීම සඳහා ප්‍රතිව්‍යුහගතකරණ සැලස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page