උණුසුම් පුවත්

බතලගොඩින් අලුත් වී වර්ග දෙකක්..

බතලගොඩ වී පර්යේෂණ ආයතනය සාර්ථක අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
ඒ බාස්මතී ආදේශක වී ප්‍රභේදයක් සම්බන්ධවයි.
ඒ අනුව AT 306 සහ AT 309 යන වී ප්‍රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්‍රභේද දෙකක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ.
සංචාරක හා හෝටල් කර්මාන්ත වාර්ෂිකව බාස්මතී සහල් ආනයනයට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා.
එයට ආදේශකයක් ලෙස යොදාගත හැකි සාර්ථක වී ප්‍රභේදයක් නිෂ්පාදනය කිරීම සඳහා කාලයක සිට පර්යේෂණ ගණනාවක් පවත්වා තිබුණා.
ඉදිරි මාස කිහිපය ඇතුලත බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ නව බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කරන බවයි බතලගොඩ වී පර්යේෂණ ආයතනය සඳහන් කලේ.
මෙම නව සොයා ගැනීම සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ වාර්ෂිකව ආනයනයට වැයවන අධික විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා බාස්මති සහල් මෙරටදී නිපදවීම ඉතා වැදගත් බවයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page