විදේශීය

ඊශ්‍රායලයට ඇමරිකාවෙන් සංඥාවක්.. පිටත් වීමට සූදානම්කර තිබූ යුධක් ආධාර නෞකාවක් නවත්වයි..

ඊශ්‍රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්‍රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරනවා.
දකුණු දිග ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම හේතුවෙනුයි ඇමෙරිකාව මෙම පියවර ගෙන ඇත්තේ.
සටන් විරාමයක් සඳහා වන යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබියදීත් ඊශ්‍රායලය රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊයේ දිනයේද ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළා.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්.
ඇමෙරිකාව ප්‍රවාහනය අත්හිටු වු නෞකාව, රාත්තල් 2000 ක බරින් යුතු බෝම්බ 1800 කින් හා රාත්තල් 500ක බරින් යුතු බෝම්බ 1700 කින් සමන්විත වු බවයි වාර්තා වන්නේ.
ගාසා යුද මෙහෙයුම් සිදුකිරීමේ දී ඇමෙරිකාව ලබාදුන් උපදෙස් ඊශ්‍රායලය නොසලකා හැරීම දෙරට අතර මතභේදයට මූලික හේතුව බවයි ජගත් දේශපාලන විශ්ලේශකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page