ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන හමුවක් පවත්වා තිබෙනවා.
ඒ, ඉන්ධන ඇනවුම් කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.ලංකා විදුලිබල මණ්ඩලයෙන් අය විය යුතු රුපියල් බිලියන 105 ක මුදල කඩිනමින් අය කර ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා වී තිබෙනවා.
අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කිරීමට සහ පිරිපහදුව ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් පිළිබඳවද එහිදී අවධානය යොමුකර ඇති බව සඳහන්.මේ අතර ූඍ ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කළ ඉන්ධනහල් කීපයක කටයුතු අත්හිටුවීමට ද පියවර ගෙන තිබෙනවා.ඉන්ධන බෙදා හැරීමේ දී ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය අනුගමනය නොකරන ඉන්ධන පිරවුම්හල්වල සේවය අත්හිටුවීමට පියවර ගන්නා බවටයි එහිදී අදාළ නිළධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.
Leave feedback about this