දේශීය ප්‍රධාන පුවත්

කැලණිතිස්ස විදුලි බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවනවාද?

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ලංකා විදුලි මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
එහි ලේකම් ඉසුරු කස්තුරිරත්න මහතා ලක්.එෆ්.එම් නිවුස් සමඟ අදහස් දක්වමින් කියා සිටියේ දැනට අවශ්‍ය කරන නැප්තා ප්‍රමාණය බලාගාරය සතුව පවතින බවයි.

කෙසේ වෙතත් එය දින දෙකකට පමණක් ප්‍රමාණවත් වනු ඇති බවද ඒ මහතා කියා සිටියේ.ඉදිරියේදී අවශ්‍ය කරන නැප්තා ප්‍රමාණය නොලැබුණහොත් බලාගාරයේ කටයුතු බිඳ වැටීමේ අවදානමක් උද්ගත විය හැකි බවද ඉසුරු කස්තුරිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.පසුගිය සිකුරාදා ඛනිජ තෙල් සංස්ථාවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයට නැප්තා මෙටි්‍රක්ටොන් 2300 ක ප්‍රමාණයක් ලබා දී තිබුණා.කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට සපයන විදුලිය ධාරිතාව මෙගාවොට් 165 ක්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page