උණුසුම් පුවත් දේශීය ප්‍රධාන පුවත්

බිත්තර ආනයනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ලැබී නැත

බිත්තර ආනයනයට අදාළ සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් ලැබී නොමැති බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, එම තත්ත්වය තුළ ඉදිරි උත්සව සමයේ බිත්තර සැපයීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල විය හැකි බවයි.රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ යුතු බවට මීට පෙර තීරණය කළා.කෙසේ වෙතත් තවදුරටත් එය ප්‍රමාද වන්නේ සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශ නොමැති වීම හේතුවෙන්.ඉන්දියාව ආශ්‍රිතව කුරුළු උණ ව්‍යාප්ත වෙමින් පැවතීම හමුවේ බිත්තර ආනයනයට අවශ්‍ය අවසර ලබා දිය නොහැකි බවයි සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස දන්වමින් වාණිජ නීතිගත සංස්ථාව විසින් එම දෙපාර්තමේන්තුවට ලිපියක්ද යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය හා සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ.ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළහොත්, රුපියල් 40 ක වැනි මිලකට සිල්ලර වෙළඳපොළේ බිත්තරයක් අලෙවි කළ හැකි බවයි ආසිරි වලිසුන්දර මහතා කියා සිටියේ.එමඟින් දැනට වෙළෙඳපොළේ පවතින බිත්තර ගැටලුවට කඩිනම් විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page