ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සියලු ඉන්ධන වර්ගවල මිල පහළ දැමීමට කටයුතු කර ඇති බව සදහන්.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03.00 කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල රුපියල් 368.00 ක්.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00 කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420 ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30.00කින් පහළ දමා ඇති බව සදහන්.
ඒ අනුව එහි නව මිල රුපියල් 333.00 ක්.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09.00 කින් පහළ දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 377.00 ක් බව සදහන්.
භූමිතෙල් මිල රුපියල් 30.00 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 215.00 ක්
ලංකා අයි ඕ සී සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහත දමා තිබෙනවා.
ඒ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂවයි.
Leave feedback about this