උණුසුම් පුවත්

වැඩකරන ජනතාවගේ ජාත්‍යන්තර දිනය අදයි..

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.
මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදීයි.
ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ-බණ්ඩාර මහතා කියා සිටියේ පවතින කාලගුණ තත්ත්වය මත මෙවර මැයි දින පෙළපාලියක් නොපවත්වන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ මැයිදින රැලි දෙකකට එක්වීමට නියමිතව තිබෙනවා.

ලංකා කම්කරු කොංග්‍රසය සංවිධාන කරන රැලියට ඒ මහතා කොටගල මහජන ක්‍රීඩාංගණයේදී සහභාගි වනු ඇති බව සඳහන්.

එම පක්ෂයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා ඊට සහභාගි වනවා.

කඳුකර ප්‍රජාව නියෝජනය කරන වැඩිම සාමාජිකත්වයක් සහිත වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂය වන්නේ කම්කරු කොංග්‍රසයයි.

මේ අතර සමගි ජන බලවේගය සංවිධාන කරන මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ කොටුව චැතැම් වීදියේදීයි.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී  පෙළපාලියකින් චැතැම් වීදිය දක්වා ගමන් කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර  බොරැල්ල කැම්බල් පිටියේදීපැවැත්වෙන බවයි එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සදහන් කලේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයක සංවිධාන කර තිබෙනවා.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයද කොළඹදී මැයි රැළියක් සංවිධාන කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page