උණුසුම් පුවත්

උත්සව සමයේ සිදුවිය හැකි හදිසි අනතුරු ගැන අවධානයෙන් සිටින්නැයි උපදෙස්..

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය හේතුවෙන් සිදුවන බවයි අනාවරණ වී ඇත්තේ.
අපරික්ෂාකාරි ගිනිකෙලි භාවිතය හේතුවෙන් ඇතිවන අනතුරුවලින්  17%ක් අක්ෂි ආබාධ වාර්තා වන බව සදහන්.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් ප්‍රවාහන  හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව පවත්වා තිබෙනවා.
මේ අතර උත්සව සමයේ සිදුවන මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට කටයුතු කර තිබුණා.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජිත් රණතුංග මහතා පෙන්වා දුන්නේ මුහුණට මුහුණ සිදුවන අනතුරු, ත්‍රී රෝද රථ අනතුරු හා යතුරුපැදි අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
බරපතළ අනතුරුවලට ලක් වී ඇති පුද්ගලයින් 100%ක් මෙතෙක් සුවය ලබා නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කලා.
ශ්‍රී ලංකාව තුළ සිදුවන මාරක අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ අධිවේගී මාර්ගවලින් පිටත බව පෙන්වා දුන් ඒ මහතා එම අනතුරුවලින් දිනකට දහ දෙනෙකු පමණ මිය යන බවද සඳහන් කළා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page