ප්‍රධාන පුවත්

රාමසාන් දිනය අදයි..

ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මසක් පුරා උපවාසයක යෙදෙන්නේ තමන් සහ අනුන් වෙත යහපත උදාකරදීමේ අරමුණින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අදට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් තබමින් ඒ මහතා මේ බව කියා සිටියා.
උපුටා ගැනීම
ශ්‍රී ලංකාවාසි ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ රට වඩා යහපත් මට්ටමක් කරා එළඹීමෙන් පවතින අවදියකයි.
ගෙවුනු දුෂ්කර කාලසීමාවන්හිීදි පවා ඔවුන් ආගමානුකුලව උපවාසයේ යෙදෙමින් සියල්ලන්ට යහපත ප්‍රාර්ථනා කලා.
පරිත්‍යාගය, ආත්ම දමනය, සහ ඉවසීම ප්‍රධානව රාමසාන් සමය තුල ඉස්මතු කෙරෙන හර පද්ධතීන් අගයමින් සමස්ත ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සහ යහපත සෑදෙන ප්‍රීතිමත් රාමසාන් උත්සවයක් වේවා.
උපුටා ගැනීම අවසන්.
අතීතයේ සිට පැවත එන මෙම සිරිත් අනුගමනය කිරීමෙන් ජීවිතය දැහැමි කරගත හැකි බව කුරානය පෙන්වා දී ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page