විදේශීය

චීනයෙන් ඇමරිකාවට චෝදනාවක්..

අමෙරිකාව ප්‍රධාන රටක් ලෙස පැවරි ඇති වගකීම් පැහැර හරින බවට චීනය චෝදනා කර තිබෙනවා.
පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඔවුන් වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ඊට හේතුව බවයි එහි දක්වා ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිතවරයා මේ බව ප්‍රකාශ කලේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පැවති සාකච්ඡාවකදියි.
ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් ගාසා තීරයේ පවතින ගැටුම් නැවැත්වීමටත් සිය කාර්යභාරය ඉටුකල යුතු වනවා.
එම ව්‍යසනය සමනය කිරීම සදහා මැදිහත්වීම තවත් වගකීමක් වනු ඇති බවයි ඔහු පෙන්වා දි ඇත්තේ.
විවිධ පාර්ශ්ව සමඟ එක්ව පලස්තීන ගැටළුව සදාචාරත්මක, සාධාරණ අයුරින් විසඳීමට චීනය සුදානම් බවද මෙම නියෝජිතවරයා ප්‍රකාශ කර තිබෙනවා.
පලස්තීනයේ හා ඊශ්‍රායලයේ යහපැවැත්මට මෙන්ම මැදපෙරදිග ප්‍රදේශයේ තිරසර සාමය වෙනුවෙන් කටයුතු කිරීමටද සූදානම් බව චීනය වැඩිදුරටත් සදහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page