උණුසුම් පුවත්

පරාටේ නීතිය තවකාලිකව අත්හිටුවීමට මුදල් කාරක සබාවේ අනුමැතිය..

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
පරාතේ යනු බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් හිලව් වශයෙන් තබාගත් දේපළ වෙන්දේසි කිරීමට එම ආයතනයට බලය ලබාදීමේ නීතියයි.
ලබනදෙසැම්බර් මස 15 වෙනිදායින් පසු පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.
ඊට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට ඒ සදහා සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.
ඒ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා බැංකු වෙත උකස් කර ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීමට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page