උණුසුම් පුවත්

අපනයන ආදායම ඉහලගිහින්..

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ සියයට 9.8 කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පවසනවා.
ඒ, මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,037 ට සාපේක්ෂව 2024 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139 ක් දක්වායි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2024 මාර්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්ව වාර්තාව මගින් මේ බව සදහන් කලා.
එහිදී සියලු ප්‍රධාන අපනයන කාණ්ඩවල ආදායම් හි වර්ධනයක් දක්නට ලැබුණු බව සදහන්.
ඒ අනුව ඉහළම වර්ධනය කාර්මික භාණ්ඩ අපනයනවල සිදුව තිබෙනවා.
නෞකා සහ ගුවන් යානා ඉන්ධන අපනයන පරිමා ඉහළ යෑම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම ඉහළ යෑම ඊට හේතුවයි.
රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ද කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
කුළුබඩු, තේ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදිත අපනයන ඉහළ යෑම හේතුවෙන් 2024 වසරේ මාර්තු මාසයේ දී කෘෂිකාර්මික භාණ්ඩ අපනයන ආදායම ද ඉහළ ගියා.
ඛනිජමය අපනයන ආදායම ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා සඳහන් කලා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page