උණුසුම් පුවත්

ආචාර්‍ය නලින් ද සිල්වා ඇමරිකාවේදී අභාවප්‍රාප්තවේ..

ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවන විට ඒ මහතා 79 වන වියේ පසුවුණා.
ශ්‍රී ලාංකික සද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වන නලින් ද සිල්වා මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කලා.
එම විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරයේද ඒ මහතා කටයුතු කලා.
1944 ඔක්තෝම්බර් 20 වන දින උපත ලැබූ ආචාර්ය නලින් ද සිල්වා මහතා වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලයේ හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනය හදාරා තිබෙනවා.
ද්විතියික අධාපනය සඳහා ඒ මහතා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වුනා.
1962 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර 1967 දී ගණිතය පළමු පන්තියේ ගෞරව උපාධියක් සමග සමත් වූනා.
ඒ මහතා 1970 වසරේදී සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් සද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධියද හිමිකරගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page