උණුසුම් පුවත්

උ.පෙ. අයදුම්පත් සංශෝධන කාල සීමාව දීර්ඝ කෙරේ..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර සංශෝධනය සඳහා ලබා දී ඇති කාල සීමාව දෙසැම්බර් 22 වැනි දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි.

ඒ අනුව දෙසැම්බර් 22 වනදා මධ්‍යම රාත්‍රි 12 දක්වා අයදුම්කරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති.

විෂයන්, මාධ්‍ය, උපන් දිනය නිවැරදි ද යන්න පරීක්ෂා කර කිසියම් සංශෝධනයක් ඇත්නම් onlineexams.gov.lk වෙබ් අඩවියට පිවිස එය සිදුකල හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එසේ සංශෝධනය කරන ලද මුද්‍රිත පිටපතක් තමන් සන්තකයේ තබා ගන්නා ලෙසද විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කලේ සියලු අයදුම්කරුවන් සඳහා මේ වනවිට විභාග ප්‍රවේශ පත්‍ර යොමු කර ඇති බවයි.

මේ අතර 2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කලයුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කලේ.

මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page