දේශීය

වැසි තත්ත්වයේ අඩුවක්..

පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද සිට ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුරු පළාතේ පාසල් 16 ක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

කිලිනොච්චියේ පාසල් 8 ක්, වව්නියාවේ පාසලක් හා මුලතිව් ප්‍රදේශයේ පාසල් 7 ක් මෙලෙස තාවකාලිකව වසා දමා ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කලේ.

කාලගුණ තත්ත්වය යහපත් වූ පසු නැවත පාසල් ආරම්භ කිරීමට නියමිතයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page