විදේශීය

පලස්තීනයට සහාය පලකරමින් ලොව වටා සිසු විරෝධතා..

ප්‍රංශයේ පැරිස් අගනුවර සයන්සස් පෝ විශ්වවිද්‍යාලයේ සිසුන්ද පලස්තීනයට සහය පළ කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
දැවැන්ත විරෝධතා හේතුවෙන් අමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයද අවලංගු කිරීමටද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
අමෙරිකාවේ විශ්වවිද්‍යාල රැසක සිසුන් මේ මාසයේ මුල සිට මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ ගාසා තීරයේ මේ වන විට පවතින යුධමය වාතාවරණයට එරෙහිවයි.
ඒ අනුව පලස්තීනයට සහය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ආරම්භ කර ඇති බව සඳහන්.
මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන් සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒවා තවදුරටත් උත්සන්න වුවහොත් යුද හමුදාව කැඳවීමට සිදුවන බවද එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page