උණුසුම් පුවත්

සිරිපා වන්දනාවේදී හැසිරිය යුතු ආකාරය ගැසට්ටුවකින් එයි..

මෙවර සිරිපා වන්දනා වාරයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ රෙගුලාසි ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ මස 26 වනදාට යෙදෙන උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වන්දනා වාරය ලබන වසරේ මැයි මස 24 වනදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මීට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ සිරිපා මලුව සහ විශ්‍රාම ශාලා ප්‍රදේශවල මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් බවයි.

අවසර ලද ස්ථානවල හැර අනෙක් ස්ථානවල පූජා භාණ්ඩල පූජා වට්ටිල ආහාර ද්‍රව්‍ය අලෙවි නොකළ යුතු අතර මත්පැන්ල දුම්වැටි හෝ වෙනත් කිසිවක් රැගෙන යාම මෙන්ම වෙළඳසැල්වල තබාගැනීම තහනම් වනවා.

පිවිසුම් මාර්ග දෙපස අවසර දී ඇති ස්ථානවල හැර කිසිදු ස්ථානයක තාවකාලිකව හෝ ස්ථිර වෙළඳසැල් තැනීමටද අවසර හිමි නොවනු ඇති.

සියලු සකස් කළ ආහාරද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන පරිදි ආවරණ සහිතව තිබිය යුතු අතර, දන්සල් ලබාදීමේදී පූර්ව ලිඛිත අවසරයක් ලබාගත යුතුවනවා.

වන්දනාකරුවන්ට ශ්‍රීපාද මලුව තුළ නවාතැන් ගැනීමටද අවස්ථාව නොලැබෙන අතරල වන්දනා කටයුතු අවසන් වූ පසු නික්ම යා යුතුයි.

ශ්‍රී පාද මලුව, අම්බලම් සහ විශ්‍රාමශාලාවල සිඟමන් ලබාගැනීම මෙන්ම සිඟමන් ලබාදීමද නොකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.

ආරක්ෂිත ස්ථානවල පමණක් දියනෑම සිදුකළ යුතු අතර, ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පළාත්පාලන ආයතන හඳුනාගෙන ඇති ස්ථාන යොදාගත හැකි බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page