මැයි දින සැමරුම් වෙනුවෙන් පොලිස් නිලධාරීන් 9000 කට වැඩි පිරිසක් යොදවන බව මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 350 ක් යෙදවීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළා.
අවශ්‍යතාවය මත යුද හමුදාව ද කැඳවීමට නියමිත බව සඳහන්.
දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කියා සිටියේ.
ඒ අතර කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි රැළි සංඛ්‍යාව 14 ක්.
ඒ සදහා බස් රථ 6800 ක් පමණ කොළඹට පැමිණීමට නියමිතයි.
රථවාහන හැසිරවීමට නිලධාරීන් 1200 ක් පමණ යෙදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇතැයි ලංකා ගමන ගමන මණ්ඩලය පවසනවා.
ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බව සඳහන්.
විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවද ලංකා ගමනා ගමන මණ්ඩලය කියා සිටියා.
විවිධ දේශපාලන පක්ෂ, මැයි දින රැළි වෙනුවෙන් මුදල් ගෙවා විශේෂ දුම්රිය සේවා ද අයදුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
උණුසුම් පුවත්
කම්කරු දිනය වෙනුවෙන් පොලිසියේ 9000 ක්..
- April 30, 2024
- 0 Comments
- Less than a minute
- 3 weeks ago
Leave feedback about this