විදේශීය

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් විපක්ෂයට ප්‍රභල ජයක්..

දකුණු කොරියාවේ මහ මැතිවරණයෙන් ප්‍රධාන විපක්ෂයට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීමට ඔවුන් සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එරට ජාතික සභාවේ ආසන 300 න් 192 ක බලය හිමිකර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඔවුන් සමඟ එක්ව කටයුතු කළ කුඩා පක්ෂ සමත්ව ඇති බව සඳහන්.
ජනාධිපතිවරයාගේ ‘පීපල් පවර්’ පක්ෂයට ඒ අනුව දරුණු පරාජයක් හිමිව තිබෙනවා.
වර්තමාන ජනාධිපති ‘යූන් සුක් යේල්’ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනමත විචාරණයක් ලෙස මෙම මැතිවරණය සලකා තිබෙනවා.
ඔහුගේ ධුර කාලය සම්පූර්ණ වීමට තවත් වසර තුනක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page