උණුසුම් පුවත්

දුම්රිය පීළි පැනීම් ඉහලයන ප්‍රවනතාවක්..

දුම්රිය පීලි පැනීම් වාර්තාගත ලෙස ඉහළ යමින් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා.
ඒ, 2000 වසරේ සිට 2023 වසර දක්වා සිදු වූ දුම්රිය පීිලි පැනීමේ සිද්ධීන් ආශ්‍රිතවයි.
එහිදී හෙළි වී ඇත්තේ 2020 සහ 2021 යන වසරවලට සාපේක්ෂව 2022 සහ 2023 යන වසරවල සිදුවූ දුම්රිය පීලිපැනීම් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
2020 වසරේදී දුම්රිය පීලිපැනීම් 98 ක් සිදුව තිබෙනවා.
ඉන් 54 ක් දුම්රිය අංගනවලද තවත් 44 ක් දුම්රිය මාර්ගවලද සිදුව ඇති බව සඳහන්.
2021 වසරේ සිදුව ඇති දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 115 ක් වනවා.
එහිදී දුම්රිය මාර්ගවල පීලිපැනීම් 75 ක් සිදුව ඇති අතර, ඉතිරි 40 සිදුව ඇත්තේ දුම්රිය අංගනවලයි.
2022 වසර වනවිට එම දුම්රිය පීලිපැනීම් සංඛ්‍යාව 133 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 94 ක්ම සිදුව ඇත්තේ දුම්රිය මාර්ගවලයි.
මෙම සෑම දුම්රිය පීලිපැනීමක් සිදුවන විටම මගීන් එම දුම්රිය තුළ සිටි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page