ක්‍රීඩා

ක්‍රීඩා සමාජ අතුරු කමිටු දෙකක් විසුරුවයි..

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සඳහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ ජුලි මස 28 වැනි දින එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා විසින් කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා එම සංගමයේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කරනු ලැබුවා.
වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ අත්හිටුවීම සිදු කළ ගැසට් පත්‍රය අවලංගු කර ඇති අතර, කරාතේ දෝ සම්මේලනයේ කටයුතු මීට පෙර පැවති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරි මණ්ඩලය වෙත පවරා තිබෙනවා.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචියද පසුගිය වසරේ අගෝස්තු මස 09 වැනි දින තාවකාලිකව අත්හිටුවා අතුරු කමිටුවක් පත්කිරීමට රොෂාන් රණසිංහ මහතා විසින් කටයුතු කර තිබුණා.
ඊට අදාළ ගැසට් නිවේදනයද අවලංගු කර එම සංගමයේ කටයුතුද පෙර පැවති නිලධාරි මණ්ඩලය වෙත පැවරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පියවර ගෙන තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page