විදේශීය

ලොව විශාලතම සංචාරක නෞකාව අද මංගල ගමනේ..

ලෝකයේ විශාලතම සංචාරක නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්‘ සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.
අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ මියාමි සිට අදාළ නෞකාව ගමන් ආරම්භ කර ඇති අතර, දින 07 ක් කැරබියන් දූපත් ආශ්‍රිතව සිය මංගල ගමන සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍යය වාර්තා සඳහන් කළේ.
රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365 ක දිගින් සහ තට්ටු 20 කින් සමන්විත වනවා.
උපරිම වශයෙන් මගීන් 7,600 කට එහි ගමන් කළ හැකි බව සඳහන්.
ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 07 ක් පවතින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම නෞකාව මගින් අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙන බවට පරිසරවේදීන් විසින් අනතුරු ඇඟවීමක්ද සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page