උණුසුම් පුවත්

දුම්වැටි නිසා දිනකට රුපියල් කෝටි පනස් දෙකක් පුච්චයි..

දුම්වැටි භාවිතය සඳහා මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52ක් වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
එමගින් මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් අකල් මරණවලට ගොදුරු වන බවයි අනාවරණ වී ඇත්තේ.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතරින් සියයට 83 ක් බෝනොවන රෝග හේතුවෙන් ඇති වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කලා.
එහිදී දුම්වැටි භාවිතය ප්‍රධානතම සාධකවලින් ප්‍රමුඛස්ථානයක් ගන්නා බවයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ.
දුම්වැටි පෙරහන් භාවිතය හේතුවෙන් පරිසරයට රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුදාහරිනු ලබනවා.
ගොඩබිම සහ සාගර ඇතුළු සියලු පරිසර පද්ධතිවලට එමගින් දැඩි බලපෑමක් සිදුකරන බව සදහන්.
ශ්‍රී ලංකාවේ වසරකට ඒවා බිලියන 2300ක් පරිසරයට මුදා හැරෙන බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කලා.
මේ අතර මෙරට ජනගහණයෙන් සියයට 10 ක් පමණ වකුගඩු රෝගී තත්වයෙන් පෙලෙන බව සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා කියා සිටියා.
දියවැඩියා රෝගී තත්වය ඊට ප්‍රධාන සාධකය බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ඒ අනුව රෝගය වළක්වා ගැනීම සඳහා හැකිතාක් කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ඉල්ලීමක් කලා.
වෛද්‍ය උපදෙස් පිළිපැදීම, සායනවලට නිසි පරිදි සහභාගි වීම අධික ලුණු, සීනි හා තෙල් භාවිතය අඩු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඒ මහතා දැනුම් දී තිබෙනවා.
නිරෝගී පුද්ගලයෙකු දිනකට ජලය ලීටර තුනහමාරක් පානය කිරීම හරහා රෝගයෙන් මිදීමට අවස්ථාව ඇති බවයි සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ ප්‍රධාන අනුශාසක විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා වැඩිදුරටත් සදහන් කලේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page