උණුසුම් පුවත්

නිදහස් දිනයට විරෝධය පා උතුරු නැගෙනහිට පෝස්ටර් අලවලා

නිදහස් දිනය වර්ජනය කරන ලෙසත් එදින කලු කොඩි ඔසවා විරෝධය පල කරන ලෙසත් ඉල්ලා උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා. යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාලයන්ගේ ශිෂ්‍ය සංගම් ඒකාබද්ධව මෙම විරෝධතාව සංවිධාන කර ඇති බව වාර්තා වෙනවා.
දෙමළ ජාතික සංධානයද පෙබරවාරි හතරවනදාට යෙදී ඇති ජාතික නිදහස් දිනයත්, ඒ සම්බන්ධ රාජ්‍ය උත්සවයත් තමන් විසින් වර්ජනය කරන බව පසුගියදා පවසා තිබුනා. පෙබරවාරි හතරවනදා දිනය කලුකොඩි දිනයක් ලෙස ඔවුන් නම්කර තිබෙනවා.
දෙමල ජනතාවට ඔවුන්ගේ නිදහස තවමත් හරිහැටි ලැබී නොමැති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බව දෙමල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශකර සිටියා. මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ සිංහල ජනතාවට පවා තවමත් නිසි නිදහස ලැබී නොමැති බවයි.
“නිදහස ලැබුන විගසම ප්‍රජාතන්ත්‍රවාදය කියන මුවාවෙන් බහුතර වාදයක් වෙලා ඒක පරිවර්තනය වුනා. ඒ නිසා මේ රටේ ජීවත් වෙන අනිත් ජන කොටස් වලට නිදහසක් ලැබුනේ නෑ. සිංහල බෞද්ධ ජනතාව තමන්ට නිදහස ලැබුනා කියා හිතාගෙන හිටියා. ඒ වුනත් ඒ අයටත් දැනෙනවා තමන්ටත් නිදහස ලැබුනේ නෑ කියලා. ” යනුවෙන් ඔහු ප්‍රකාශකර සිටියේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page