දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එළැඹෙන 21 වැනි දා මධ්‍යාහ්න 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේ. 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පළාත් පාලන ආයතන 341න් 340ක් සඳහා නාම යෝජනා කැඳවීම අද සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසම මීට පෙර නිවේදනය කළේ.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත නාම යෝජනා කැඳවීමේ දැන්වීම ලැබුණු පසු ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතුද ආරම්භ වුණා.දිස්ත්‍රික්ක 18කට අදාළ පළාත් පාලන ආයතන 153ක් සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page