උණුසුම් පුවත් දේශපාලන දේශීය ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති අතර විශේෂ හමුවක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂය විරුද්ධ වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිර්ීමට නියමිතයි.එම පනත ගෙන ඒම මගින් මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට අපේක්ෂිතයි.කෙසේ වෙතත් එම ක්‍රමවේදයට විරුද්ධ බව විපක්ෂය විසින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී දැනුම් දී ඇති බව සඳහන්.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මෙම හමුව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන රැසක් අදාල පනත ගෙන එන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page