උණුසුම් පුවත්

ප්‍රමිතියෙන් තොර සහල් ගැන වාර්තාවක් කැඳවයි..

ප්‍රමිතියෙන් තොර සහල් සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තාව සතියක් තුල ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් මෙම උපදෙස් ලබා දි ඇති බව සඳහන්.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාව සඳහා සහල් සහනාධාරයක් ලබා දීමට රජය පසුගියදා තීරණය කලා.
ඒ අනුව කාණ්ඩ කීපයක් යටතේ මෙම සහනාධාරය ලබා දීම මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා බදුල්ල දිස්ත්‍රික්කයේ බෙදා දෙන ලද සහල් තත්ත්වයෙන් බාල ඒවා ලෙස ඇතැම් පුද්ගලයන් චෝදනා කලා
හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම සහල් මුදලට අලෙවි කර ඇති බවටද අනාවරණ වුණා.
ඒ අනුව මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබුණේ.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page