උණුසුම් පුවත්

පාස්කු බෝම්බ සැකකරුවකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර..

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව පැවසෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි ඒ. එස්. අබ්දුල්ලා නමැති ව්‍යාපාරිකයා තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගෙන් අවි පුහුණුව ලබා ගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත්කෙරුවා.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page