ක්‍රීඩා

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන එක්දින තරගය අත්හැර දමයි..

සංචාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක දෙවැනි එක්දින තරගය අතහැර දමා තිබෙනවා.

තරගය මෙරට වෙලාවෙන් පෙරවරු 6.30 ට ක්‍රයිස්චර්ච් හැග්ලි ඕවල් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් පවතින අධික වර්ෂාපතන තත්ත්වය හේතුවෙන් මෙලෙස තරඟය අත්හැර දමා ඇති බවයි ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ.

තරගාවලියේ තෙවැනි තරගය ලබන සිකුරාදා හැමිල්ටන් හීදී පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 198 කින් ශ්‍රී ලංකාව පරජයට පත්වුණා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page