උණුසුම් පුවත්

බදුල්ලේ ගොඩනැගිලි ඉඳිකරනවානම් ප්‍රමිතිය අනිවාර්‍යය විය යුතුයි.. ජනපති කියයි..

බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්ණායක අනුව ක්‍රියා කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන ලෙසයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත්තේ.

බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සංවර්ධන ගැටලු තවදුරටත් විසඳි නොමැති බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලිීමක් කර තිබෙනවා.

මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

අයි.එම්. එෆ්.  ප්‍රතික්ෂේප කරන සියලු දෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ.

වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page