දේශීය

කාලගුණය තවමත් අයහපත්.. දිස්ත්‍රික් අටක හත්දාහක් අවතැන්..

ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පවුල් 2,256 කට අයත් පුද්ගලයන් 7,181 දෙනෙකු අවතැන්ව සිටිනවා.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් අටකට බලපෑම් එල්ලවී ඇති බව සදහන්.

ගංගා කිහිපයක ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහල යාම හේතුවෙන් ගංවතුර අවදානම් පිළිබඳ විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදෙශ රැසක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටිනවා.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ප්‍රියන්ත සුමනසේකර මහතා කියා සිටියේ පවුල් 253 ක පුද්ගලයන් 891 ක් දෙනෙක් ක් හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවයි.

ආපදාවට පත්ව ඇති පුද්ගලයින් සඳහා කඩිනම් සහන සැපයීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කලා.

ආපදා තත්ත්වය සමග තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇල්ලගල, මැදවැලෑන, සේනපුර, රබර්වත්ත, ගැමුණුපුර සහ යෝධ කණ්ඩිය ග්‍රාම සේවා වසම්වල ජනතාව ද පීඩාවට පත්ව සිටිනවා.

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ ගජදුර සහ රන්මුදුවැව ග්‍රාම සේවා වසම් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලියන්ගස්තොට , බෝලාන දකුණ ප්‍රදේශවල ජනතාවද මෙලෙස ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව සදහන්..

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෑලියපුර, හම්බන්තොට බටහිර,
හම්බන්තොට නැගෙනහිර, යහංගල නැගෙනහිර, තැම්මැන්නාව, සාමෝදාගම සහ ගොන්නොරුව යන ප්‍රදේශවල ජනතාවද ඒ අතර වනවා.

සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවක් කැඩීයෑම හේතුවෙන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගල්වැව ග්‍රාම නිලධාරි වසමේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

මේ අතර අනුරාධපුර නාච්චාදූව වැවේ වාන් දොරටු හයම විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත් අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

උතුරු, උතුරු-මැද නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු කාලයේදී වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවු වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page