උණුසුම් පුවත් දේශීය ප්‍රධාන පුවත්

බරපතල තත්වයේ පසුවන සිසුන් ගුවනින් කොළඹට රැගෙන ඒමට ජනාධිපතිගෙන් උපදෙස්

නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ දී සිදු වූ බස්රථ අනතුරෙන් බරපතල තත්වයේ පසුවන සිසුන් කොළඹට රැගෙන ඒම සද්හා කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ සඳහා ගුවන් හමුදාවට අවශ්‍ය සියළු සහය ලබාදෙන ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇති බව සඳහන්.නුවරඑලිය නානුඔය, රදැල්ල ප්‍රදේශයේ සිදුවු මෙම අනතුරින් පුද්ගලයන් 7් දෙනෙකු මියගියා.
ඉන් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. වෑන් රථයේ ගමන් ගත් හය දෙනා සහ ත්‍රිරෝද රථයේ රියදුරු මෙලෙස මිය ගොස් ඇති බව සඳහන්.අනතුරින් තුවාල ලැබු පාසල් සිසුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර තිබෙනවා. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කලේ. වාර්ෂික අධ්‍යාපන චාරිකාවකට ගොස් එන අතරතුරදි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page