වීඩියෝ

2021 රාජ්‍ය ඡායාරූප සම්මාන උළෙලේ දී තරග කොන්දේසි උල්ලංඝනය කරන ලද ඡායාරූප සඳහා සම්මාන ලබාදීම සම්බන්ධව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව

මෙහිදී හෙළිදරව් කළ බරපතලම කාරණය වන්නේ රුපියල් මිලියන 5 කට වඩා වැය කර මුදල් සහ සම්මාන ලබාදීමේ දී තරග නීති රීති උල්ලංඝනය කර ඇති නිර්මාණ 6ට වඩා වැඩි සංඛ්‍යාවකට ප්‍රථම, දෙවන, තෙවන සහ සම්මාන සහතික ලබා දී ඇති බවයි. මෙම තීරණ සම්බන්ධව සෘජුව වගකිව යුතු පුද්ගලයන් වන උපදේශක සභාවේ සභාපති ප්‍රසන්න හෙන්නායක, විනිශ්චය මණ්ඩලයේ සභාපති හෙන්රි රාජකරුණා සහ Raw Files (මුල් ගොනු) පරීක්‍ෂා කිරීමේ සම්පූර්ණ වගකීම දරූ හර්ෂ මධුරංග ජයසේකර යන අය ඒ බව හොඳින්ම දැනුවත්ව මෙම නිර්මාණ සඳහා ජයග්‍රහණ ලබාදී ඇති බව ය. එමෙන්ම මෙම අක්‍රමිකතා වලක්වා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රමවේද සහ දැනුවත්කිරීම් මගහැර මේ අයට රිසිසේ කටයුතු කිරීමට ඉඩදුන් සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ ද මෙම ක්‍රියාවලියේ ප්‍රධාන වගඋත්තරකාරියක බවද මෙහිදී හෙලිදරවු විය.
(මාධ්‍ය සාකච්ඡාව සඳහා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ උපසභාපති නිශාන් අල්ගෙවත්ත සහ සාමාජිකයින් වන කන්චන මාරසිහ, උපුල් රණේපුර, මැන්දිස් වික්‍රමසිංහ යන අය සහභාගි විය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video

You cannot copy content of this page